ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 2023 TAGS සම්මාන උළෙලේදී වෙළෙඳ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම සමත් විය.

මෙම ජයග්‍රහණය මගින් ආයතනික වශයෙන් විශිෂ්ට මූල්‍ය වාර්තාකරණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම සිදු කරනු ලබන කැප වීම ඇගයීමට ලක් විය.

සිංගර් සමූහයට අයත් රෙග්නිස් ලංකා සහ සිංගර් ඉන්ඩස්ට්‍රීස් සිලෝන් යන සමාගම් ද මෙවර TAGS සම්මාන උළෙලේදී ඇගයීමට ල වූ අතර, එහි දී රෙග්නිස් ලංකා සමාගම නිෂ්පාදන අංශයේ (රුපියල් බිලියන 10 දක්වා පිරිවැටුමක් සහිත සමාගම) රන් සම්මානය සහ සිංගර් ඉන්ඩස්ටි්‍රස් සිලෝන් සමාගම එම කාණ්ඩයේම ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.

මෙම සම්මාන තුළින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිංගර් සමූහය ගොඩනංවාගෙන ඇති ස්ථාවරත්වය පිළිබිඹු කරයි.

සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා, ලබාගත් මෙම ජයග්‍රහණ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, 2023 TAGS සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට හැකි වීම අපට මහත් ගෞරවයක්. ඒ වගේම මෙම සම්මාන තුළින් පාර්ශවකරුවන් සමඟ ධනාත්මක සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් අපගේ කැපවීමට මෙම ඇගයීම හොඳ ම සාක්ෂියක් යනුවෙනි.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ ශලින්ක සේරසිංහ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව පැවසුවේ මෙවන් අදහසකි. TAGS සම්මාන උළෙලේදී අප හිමි කර ගත් මෙම සමාන ත්‍රිත්වය හොඳම ආයතනික භාවිතයන් සහ ප්‍රමිතිගත මූල්‍ය වාර්තාකරණයක් ස්ථාපනය කිරීම සඳහා අපගේ කැප වීම ඇගයීමට ලක් කෙරුණා.

advertistmentadvertistment
advertistmentadvertistment