කොවිඩ් වසංගතය මැඬලීමේ නිරත සියලු සෞඛ්‍ය සේවා කාර්ය මණ්‌ඩල වෙත ඩයලොග් ආසිආටා සිය ගෞරවය පුදයි – ‘සුවදිරි’ සන්නිවේදන පහසුකම පිරිනමයි

164

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට සත්කාර කරමින්, තම ජීවිත අවදානම ද නොතකා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කාර්ය මණ්ඩල මෙම වසංගතය මැඬලීම පිණිස වන ජාතික කාර්යභාරය උදෙසා දෙනු ලබන සහය වෙනුවෙන් ගෞරව පුදමින්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සඳහාම වූ ‘සුවදිරි’ නම් ගාස්තුවෙන් නිදහස් සන්නිවේදන පහසුකම දියත් කරනු ලැබීය.

 කොවිඞ්-19ට ප‍්‍රතිචාර දැක්වීමේ නිරතව සිටින සියලූ සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විසින් ගනු ලබන එකී උත්සහය ඇගයීම වෙනුවෙන් තවදුරටත් සහයක් වෙමින් ඔවුන් විසින් ඉටුකරනු ලබන එකී කාර්යභාරය අතරතුර සිය පවුල් සහ ආදරණීයන් සමඟ සබඳතාවන් පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙම ‘සුවදිරි’ සන්නිවේදන පහසුකම පිරිනමනු ලබයි. ‘සුවදිරි’ පහසුකම වෙතින් මාසයක් සඳහා D2D මිනිත්තු 1000ක්, D2D SMS 1000 ක් සහ 6 GB Anytime Data බැගින් වන සන්නිවේදන සේවා මාස 3ක කාලයකට නොමිලේ පිරිනැමෙන අතර, දිවයිනේ සියලූම රෝහල් අධ්‍යක්ෂවරුන් විසින් යෝජනා කරන ලද සෑම සෞඛ්‍ය සේවකයෙක්ටම මෙම පහසුකම හිමිවන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඞ්-19 කළමනාකරණ කමිටුව විසින් මෙය කළමනාකරණය කෙරෙනු ඇත.

 මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ”කොවිඞ් -19 වසංගතය හමුවේ වෙහෙස නොබලා සටන් කරමින් සිටින දිවයින පුරා වන සෞඛ්‍ය සේවකයින්ට අපගේ ප‍්‍රණාමය පුද කිරීම සඳහා අපි ‘සුවදිරි’ නම් ගාස්තුවෙන් නිදහස් සන්නිවේදන පැකේජය දියත් කළ අතර අපගේ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ සුව කිරීම වෙනුවෙන් ඔවුන්ගේ වන නොපසුබට උත්සහයට හෘදයාංගම ස්තූතිය පුද කරනවා. අපි වර්තමානයේ මුහුණපාන අභියෝග නොතකා, සියලූම ශ‍්‍රී ලාංකිකයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම හා නොපසුබට උත්සාහයට අපගේ කෘතඥතාවය පළකර සිටිනවා. එසේම ඔවුන් විසින් ගනු ලබන මෙම වෑයමේදී ඔවුන් සමඟ රැුඳෙමින් සබඳතාවේ සහ තාක්ෂණයේ සවියෙන් ඔවුනට සහයවීමට අප නිබඳවම කටයුතු කරනවා” යනුවෙන් සඳහන් කළේය.

 ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡුායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට දකුණට) ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම හා මාධ්‍ය – හර්ෂ සමරනායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ සහ කොවිඞ්-19 සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරු ඡුායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment