සියලු දොස් නසන අභිසම්භිධාන යන්ත්‍රය

417

යන්ත්‍ර රත්නය, යන්ත්‍ර ශතකය යන පොත්වල බොහෝ යන්ත්‍ර සම්බන්ධව විස්තරාත්මකව සඳහන් වනවා. නමුත් නවනාථය යන්ත්‍රය ගැන නම් ඒ පොතේ කිසිවක් සඳහන් නැහැ. ඒ වගේම මහා නවනාථය කියන පොතේ එම යන්ත්‍රයම හැරෙන්න වෙනත් කිසිම යන්ත්‍රයක් ගැන සඳහන් වී නැහැ. පොත් කීපයක්ම පරිශීලනය කළ නමුදු හේතුව මෙතෙක් හමු වුනේ නැහැ.

යන්ත්‍ර ගැන සාකච්ඡා කරන කොට එක එක යන්ත්‍ර වර්ග ඇති බව දන්නවා. එනම් යක්ෂ දෝෂ හරණය, බුද්ධ යන්ත්‍ර, රාශි යන්ත්‍ර, රෝග හරණ යන්ත්‍ර, වශීකරණ යන්ත්‍ර, මිශ්‍ර යන්ත්‍ර වශයෙන් මෙවැනි යන්ත්‍ර කොච්චර තිබුණත් මේ කිසි වෙකටත් වඩා බලගතු එකම යන්ත්‍රය ගැන තමයි අද ලියන්නේ. බුද්ධ යන්ත්‍ර කියලා විස්තර කළාට මොකද ඒකේ ඇතුළේ බහා තිබෙන තඹ තහඩුවේ ලියලා තිබෙන්නේ බුද්ධ රත්නයක්. අංගුලිමාල යන්ත්‍රය, සීවලි යන්ත්‍රය, බුද්ධ යන්ත්‍ර කොටසට අඩංගු වුණාට ඒවා එක් එක් අඩුපාඩුවලට පැළඳුවාට සියලුම දේට එක් යන්ත්‍රයක් බුද්ධ යන්ත්‍ර කොටසේ නැහැ. තිබෙන එකම යන්ත්‍රය අභිසම්භිධානයයි. මේ යන්ත්‍රය කෙනෙක් මරණින් පවා බේරාගත හැකි බලපරාක්‍රමයක් ඇති යන්ත්‍රයක්. ත්‍රිවිධ රත්නය ප්‍රධාන කොට බුදු, පසේ බුදු ඇතුළු රහතුන් වහන්සේලා සය දෙනකුගේ බලමහිමය ඇතුළත් කර තිබෙනවා.

සියලු දොස් නසන අභිසම්භිධාන යන්ත්‍රය

එකල ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල පැවතුණු වසංගත රෝග, වනසතුන්ගෙන් ඇති වූ පීඩා, රෝග පීඩාවලට අමතරව ජීවත්වීමේ දුෂ්කරතා හා පීඩා ඇති වුණා. කලට වැසි නොමැති වූ නිසා ආහාර වර්ග පලතුරු වර්ග හිඟ වුණා. සතා සිව්පාවා නපුරු වුණා. කෑම අහේනිය නිසා පොඩි එකාව ලොකු එකා ගොදුරු කර ගත්තා.

ජල උල්පත් ක්‍රමයෙන් සිඳෙන්න වුණා. වෙනත් කිරීමට කිසිත් නැති වූ අසරණ ධ්‍යානලාභීන් – ඵල ලාභීන් කළ යුතු දේ ගැන කතිකා කර ගත්තා. බුදු ගුණ සිහිකිරීම මිස වෙනත් කිසිදු සහනයක් නැති බව අවසානයේ අවබෝධ වුණා. ඕනෑම කෙනෙකුට කිසියම් අර්ථශුන්‍ය කරදර පැමිණෙන විට කිසියම් හෝ යන්ත්‍රයක් පැළැඳීම අද මෙන් පුරාණයේ ද පැවතුණා. බුදු ගුණ යන්ත්‍රයක් පැළැඳීමට කවුරුත් එකඟ වුණා. සීවලි යන්ත්‍රය පැළැඳීමෙන් ආහාර ප්‍රශ්න විසඳිය හැකි බවත් අංගුලිමාල යන්ත්‍රය පැළැඳීමෙන් වෙනත් පිළිසරණ ලැබිය හැකි නමුත් මේ සියලු රහතුන්ගේ බල ඇතුළත් අභිසම්භිධානය මේ සියලුම උපද්‍රව හරණය කරන බව සියලුම දෙනා ඒකමතිකව පිළිගත්තා.

අභිසම්භිධානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිට වන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදු මුඛයෙන්ම දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණකි. හරණ – සරණ වීමේ දෙපාර්ශ්වයටම එකසේ ගුණදෙන යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය පැළැඳු එකල සිටි රහතුන් පවා රෝග පීඩා, සතුන්ගෙන් අතිවන පීඩා නොලද බව පැහැදිලිව පොත පතේ සඳහන් වේ. මේ යන්ත්‍රය ගැබ් 7 කින් යුක්තය. ඇවැසි වන්නෙ ගැබ් 7 ක් තුළ යන්ත්‍ර ගාථා 9 ක් ඇතුළත් කිරීමයි. අකුරකට අකුරක් නොගෑවෙන සේ ඉතා පැහැදිලිව ලියා රත්රන් ආලේප කර වාර 1800 කින් අවසාන කර ආතුරයාගේ ශරීර ස්පර්ශයට තැබිමත් මේ සියලුම දේ සීහුම් නැකතට විය යුතු බවත් එය එසේ කිරීම යහපත් ජ්‍යොතිර්වේදියාගේ සිරිතයි.

මෙම යන්ත්‍රයේ පුදුමාකාර ගුණදෙන අවස්ථා නැතුවම නොවේ. මරණාසන්න රෝගියෙකුගේ ශරීර ස්පර්ශයෙන් මේ යන්ත්‍රය ඉවත් කරන තෙක් හුස්ම පහව නොගොස් තිබීම එක් කරුණකි. එවැනි අවස්ථාවලදී මෙම යන්ත්‍රය සුරයක නොදමා සම්පූර්ණ තහඩුව පිට දිගට සිටින සේ ආවරණය කර පැළැඳිය යුතුය. එවැනි බලගතු පුදුමාකාර ගුණ දෙන මේ අභිසම්භිධානය කිසිදු භේදවලින් තොර එකසේ ගුණදෙන යන්ත්‍රයකි. සත්‍යයෙන්ම ඖෂධයක් වැන්නකි.

සුපුරුදු යන්ත්‍ර මෙන් මෙය ද වාර 1800 ක් මැතිරිය යුතුය. මෙම යන්ත්‍රයේ වෙනස වනුයේ ජප මන්ත්‍රයම ඇතුළත ගැබ්වල පිරවීමයි. සරල දිශ්ථි මන්ත්‍ර පාවිච්චි කිරීම උචිතය. පූජාවට සුපුරුදු අයුරින් පලතුරු, කැවිලි වලට අමතරව සුවඳ දුම්, රත්හඳුන්, සුදු හඳුන්, අගිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, ජටා මාංශ තැබිය යුතු අතර දුම්දීමට හඳුන්ලාටු පමණක්ම භාවිත කළ යුතු බවත් දත යුතුය. හඳුන් ලාටු නොමැති අවස්ථාවකදී පමණක් කවඩි සාම්බ්‍රානි හෝ පුසාම්බ්‍රානි පාවිච්චි කළ හැකිය. ආතුරයාගේ නම ඇතුළත් කිරීමේදී යන්ත්‍ර ක්‍රමය අනුගමනය කර නියමිත ගැබේ ජප මන්ත්‍රය තුළම තැබිය යුතුය. අභිසම්භිධානයේ පමණක් මෙම ගුරුමුෂ්ටිය ඇතුළත් වී ඇති බව පෙනේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉතා ප්‍රසිද්ධ මෙම යන්ත්‍රය රාජ රාජ අමාත්‍යයන් පවා පැළැඳීමට පුරුදු වී ඇති යන්ත්‍රයකි. බුදුන් සමයේ බුද්ධ වාසස්ථානය හැර දමා පිටව ගිය මහා කාශ්‍යප රහතන් වහන්සේ ශරීර ස්පර්ශයේ තිබූ එකම යන්ත්‍රය මේ අභිසම්භිධානයයි. බුදුන් දවස සාමාන්‍ය ජනතාව අතර නම් මේ යන්ත්‍රය වැඩිපුර පාවිච්චි නොකිරීමට හේතුව බොහෝ පොත්පත්වල සඳහන් වී නොමැත. සමහර විට එය යන්ත්‍රය සැකසීමට ඇති අපහසුතාවය හෝ මූල්‍ය වටිනාකම විය හැකිය. විශේෂයෙන් බමුණන් අතර මෙය ඉතා ප්‍රසිද්ධ වී තිබිණි.

බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදී අප්‍රසිද්ධියේ වැඩ විසූ එකම රහතන් වහන්සේ මහා කාශ්‍යප රහතුන් බවත් එය බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත සිදුවූ බවත් උන්වහන්සේ බුද්ධ වාසස්ථානයෙන් පිටව ගොස් නැවත වැඩියේ සම්බුදු පරිනිර්වාණයට බවත්, ගිනි මන්ත්‍ර 3 ක් නොහොත් ගිනි ගාථා දේශනා කර චිතකය ගිනි ගැන්වූ බවත් මේ ගමනෙදී පැළැඳ සිටි අභිසම්භිධානය තම ශරීරයෙන් ඉවත් කර සුදුසු ස්ථානයක තබා පැමිණි බවත් වැඩි විස්තර සහිත අභිසම්භිධානයේ සඳහන් වේ. අදත් එම ගිනි මන්ත්‍ර පුළුන් කැබැල්ලකට මතුරා සූර්යාලෝකයේ තැබූ විට ගිනි ගන්නා බව ද සැලකිය යුතු කරුණකි.

චිතකය ගිනි ගැනීමෙන් පසු ක්‍ෂණයෙන් එතැනින් ඉවත් වූ උන්වහන්සේ නැවත අභිසම්භිධාන යන්ත්‍රය පැළැඳි බව සඳහන් වුවත් එය එසේ කළේ හෝ සිදු වූයේ කුමණ හේතුවක් සඳහා ද යන්න පැහැදිලි නොවේ.

අභිසම්භිධානය පැළැඳි ඕනෑම කෙනෙකුට ඉහත කී කිසිදු උපද්‍රවයක් සිදු නොවීමටත් දියුණුව කීර්තිය ලබාදීමට මෙම යන්ත්‍රය වගබලා ගන්නා බවත් සියලුම කරදර හරණය කරන බවත් ඉතා ප්‍රකට කරුණකි.

සියලු දොස් නසන අභිසම්භිධාන යන්ත්‍රය

පාරම්පරික ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යාධර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව 0779870007/0722174553

advertistmentadvertistment
advertistmentadvertistment