කාංචනා පාතාලයට සෙට් වෙයි

5406

ෂූටිංවලදි අනූනවයෙන් බේරුණේ….

කාංචනා ජයලත්.. ටිකක් නුහුරුයි වගේද?’ හරි…. එහෙමනම් අපි කාංචනා ඛාන් ගැන කතාකරමු. මේක පුදුම කතාවක් සිනමා නිර්මාණයෙන් පස්සෙ ඇය අලුත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙලා’ තවත් විස්තර ගොඩක් මේ සටහන තුළ තියෙනව’ අප ඇය සමග කළ කතාබහ ඔබ වෙනුවෙන් මේ විදිහට පෙළගැස්සුවා.

කාංචනා ඛාන්.. මේ ක්‍ෂේත්‍රයට එන්න යොදාගත් නමක්ද?

මගේ නියම නම කාංචනා ජයලත්. මේ ෆීල්ඩ් එකට එන්නෙ නර්තනයෙන්. මේ නර්ථන පංතිවලදි බොහෝ වෙලාවට මට යාළුවො කතා කළේ ‘ඛාන්’ කියල’ කාලයක් යද්දි බොහෝ දෙනා අතර මේ නම ප්‍රසිද්ධ වුණා. අවසානයේ මමත් මේ නම භාවිතාකරන්න පටන්ගත්තා. ඒක මට වාසනාවක් වුණා.

කාංචනා පාතාලයට සෙට් වෙයි

ඛාන්ට චිත්‍රපට රැසක් ලැබිල කියල ආරංචියි?

විශේෂයෙන්ම කියන්න ඕනා” මට මේ හැම අවස්ථාවක්ම ලැබුණෙ ශ්‍රී ලාල් ප්‍රියදේව අයියා නිසා. ඔහු මාව විශ්වාස කරල ‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටයේ මට හොඳ චරිතයක් දුන්නා. මේ මගේ දෙවැනි චිත්‍රපටය. ඒකෙන් පස්සෙ තමයි මට මේ හැම අවස්ථාවක්ම ලැබුණෙ. ගාමිණී හේවාවිතාරණ මහත්මයාගේ ‘මොණර කිරිල්ලී’” චිත්‍රපටයේ නදීකා කියන පාතාල චරිතය තමයි මට ලැබිල තියෙන්නෙ’ ඒක මෙතෙක් කරපු හැම චරිතයකටම වඩා වෙනස්’ ඊට අමතරව සුනිල් ප්‍රේමරත්න අයියගෙ ‘අමුතු ගුරුකම’ නිර්මාණයේ සෙව්වන්දිගේ චරිතයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

කාංචනා පාතාලයේ වැඩ?

ඔව්” ඒක දරුණු චරිතයක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා” මංකොල්ල කනවා” හිරේ යනවා වගේ සිද්ධි ගොඩක් තියෙනවා. කාංචනා දැන් මෙතෙක් බොහෝ දෙනා දැන සිටි චරිතය නෙමෙයි. විවිධ චරිත තුළින් චරිතාංග රංගන ශිල්පිණියක් ලෙස ඉදිරියට එන්න අවස්ථාව ලැබිල තියෙනවා.

ෂූටිං අතරතුර අනතුරකින් අනූනවයෙන් බේරුණා?

මමයි දුවයි පාරෙ එනගමන් අනතුරට ලක්වෙන දර්ශනයක් රූගත කරන්න කරන්න තිබුණා. මිහිර අයියයි… ප්‍රියන්ත අයියයි.. කුමාර අයියයි ටි්‍රප් එකක් ගිහින් එනගමන් ඔවුන්ගේ වාහනය තමයි අපිව අනතුරට ලක් කරන්නෙ. අපේ ඩිරෙක්ටර් කිව්වා පොඩ්ඩක් පාර පනින්න කියල. එතනදි අපිව ඇත්තටම අනතුරට ලක්වෙන්න ගියා. අපේ කෲ එකම බය වුණා. පොඩි දුවක් හිටියෙ. මම ඇයගෙ අත අතහැරියෙ නැහැ. කොහොම හරි පාර පැන්නා. තව ටිකක් එහා මෙහා වුණා නම් දුවව යටවෙනව.

චිත්‍රපට දෙකකට එකවර ආරාධනා ලැබෙනව?

ඇත්තටම කියන්න සතුටුයි” මේ චිත්‍රපට දෙකට අමතරව තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනව.

2024 කාංචනාට සුබයි?

අනිවාර්යයෙන්. ඒ ගැන නිහතමානීව සතුටු වෙනව.

වැඩි කැමැත්ත රිදී තිරයටද?

මගේ පටන්ගැන්ම සිදුවෙන්නෙ රොෂාන් කුරුප්පු අයියගෙ ‘නිරාවරණය’ ටෙලිනාට්‍යයෙන්. නමුත් මේ කාලයේ සිනමාවට ලැබුණ ආරාධනා එක්ක ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න තියෙන කාලය අවම වෙලා තියෙනව. නමුත් පුළුවන් හැම වෙලාවෙම ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙනව.

ජනප්‍රිය නිළි මනීෂා නාමල්ගම ඔබේ සහෝදරිය?

ඔව්… ඇය ක්‍ෂේත්‍රයට ඇවිත් දැනට වසර ගණනාවක් වෙනව. නමුත් මම කවදාවත් කිසිම තැනකදි අක්කව පාවිච්චි කරල නැහැ. හිතාමතාමයි එහෙම කළේ. මොකද මම ජාතික තරුණ සේවා සභාවෙන් නාට්‍ය හා රංගකලාව ඉගෙනගත්තා. නර්තන කණ්ඩායම් දෙකතුනකම හිටියා. මට දක්‍ෂතාව තියෙන නිසා මම කල්පනා කළා මගේ ගමන යනව කියල.

දැන් නර්තන වැඩවලින් ඈත් වෙලාද?

නැහැ. මොණර කිරිල්ලී චිත්‍රපටයේ තියෙනව ගිටාරය වයමින් නටන දර්ශනයක්. ඒ වගේ තැන්වලදි මම මගේ හැකියාවන් ප්‍රයෝජනයට ගන්නව. නමුත් දැන් ප්‍රධාන වශයෙන්ම කරන්නෙ රංගනය. අවස්ථාව ලැබුණාම නර්තන කටයුතුවලටත් සහභාගී වෙනව.

මොනවද ඔබ අධ්‍යයනය කළ නර්තන ශෛලීන්?

මම ලතින්.. බැලේ වගේම ඉන්දියන් ෆ්‍රී ස්ටයිල් යන නර්තන ශෛලීන් හදාරලා තියෙනව.

රංගනය වෙනුවෙන් ඔබට ලැබෙන ආරාධනා ගැන සෑහීමකට පත්වෙනවද?

ඇත්තටම ඒ ගැන ගොඩක් තෘප්තිමත්. රංගන ශිල්පිනියක් විදිහට මම බලාපොරොත්තු වෙන්නෙ විවිධ චරිතවලට දායක වෙන්න. මේ වන විට මට ඒ අවස්ථාව උපරිමයෙක් ලැබෙනව.

ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?

මම මේ දක්වා ලබල තියෙන ජනප්‍රියත්වය ගැන නිහතමානී සතුටත් තියෙනව. ඒක ආභරණයක් කරගෙනවත්.. ඒ නිසා ඔළුව උදුම්මවාගෙනවත් නැහැ.

කාංචනා ඛාන්” මොන වගේ චරිතයක්ද?

කාංචනා ඛාන් කියන්නෙ බොහොම සරල” නිහතමානී” පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ෆීල්ඩ් එකේ හිටියට යාළුවො එක්ක කල්ලි ගැහිල ගමන්බිමන් යන කෙනෙක් නෙමෙයි.

යාළුවො?

අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක් ඉන්නව. මම වැඩිපුර කැමති පාඩුවේ ඉන්න.

කලකිරීම්.. පසුතැවීම් තියෙනවද?

අපේ ජීවිතවල ඒ වගේ දේවල් තියෙනව. නමුත් මම ඒවා ගැන ලොකුවට හිතන්නෙ නැහැ. මගේ තාත්තා මම පොඩිකාලෙම නැති වුණා. මම විඳපු දුක්ගැහැට.. කම්කටොලු මගේ ජීවිතයට පන්නරයක් වුණා. ඒවායින් තමයි ජීවිතය ජයගත්තෙ. මිනිස්සුන්ට දුකක් එන්න ඕනා. ඒ දුකත් එක්ක තමයි මිනිස්සු නැගිටින්නෙ.

ආදරය දකින්නෙ කොහොමද?

මම නම් ආදරය දැකල ගොඩක් කල්. ආදරය කියන්නෙ හිතට එකඟව හරිම පරිස්සමින් කරන්න ඕන දෙයක්. අත්‍යවශ්‍යම දේ විශ්වාසය.

ඔබේ ආදරය?

මම ආදරය උපරිම විඳල තියෙනව. වංචාවක් කරල නැහැ. ඒ ආදරය බොහොම ලස්සනට තියෙනව.

රංගනයට එකතු වුණේ සීමාවන් එක්කද?

මේක හරි පුළුල් ක්‍ෂේත්‍රයක්. රංගන ශිල්පියකුට නීති දාගෙන ඒ කටයුතු කරන්න බැහැ. ‘මොණර කිරිල්ලී’ නිර්මාණයේදී මට සිගරට් බොන්න වුණා. කලින් ඒ දේවල් කරල නැහැ. නමුත් නිර්මාණයේදී මම ඒකට සූදානම් වුණා. ඒ වගේ තමයි.

කාංචනා පෞද්ගලිකත්වය පරිස්සමට රැකගන්නව?

ඔව්.. පෞද්ගලිකත්වය කියන්නෙ ඒකටනෙ. අපේ පෞද්ගලිකත්වය රැකගන්නතාක් කල් මනසට හරි නිදහස්. එහෙම නොවුණ තැන ගොසිප් වගේ දේවල්වලින් අපේ හිතේ නිදහසත් සම්පූර්ණයෙන් නැතිවෙනව. නමුත් ඒක එහෙම නොවෙන්න නම් අපි අපේ පෞද්ගලිකත්වය රැකගන්න ඕනා.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – තිළිණ බණ්ඩාර
ඇඳුම් සහ හැඩගැන්වීම – හංසන බ්‍රයිඩ්ල්

advertistmentadvertistment
advertistmentadvertistment