පාස්කු විමර්ශන ශානිට දෙන්න – විපක්‍ෂ නායක

73

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට භාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහු පිළිබඳව මීට පෙර විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට භාර දිය හැකි බව ද විපක්ෂ නායකයා කීය.

එම ප්‍රහාරය පිළිබඳව සත්‍ය සෙවීමට විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට ද ඇත්ත වුවමනාවක් ඇත්නම් ඉහත ලෙස කටයුතු කිරීම සාධාරණ යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment