හැත්තෑ පස්වන විය සපුරන පරහිතකාමී යතිවරයාණෝ පන්නිල ශ‍්‍රී ආනන්ද නාහිමි

197

සීනාදි සිව් කෝරලයේ ප‍්‍රධාන සංඝනායක, අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරාධිපති, මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය ධුරන්ධර අතිපූජ්‍ය පන්නිල ශ‍්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ අද(26) සිය සුපින්වත් දිවියේ හැත්තෑ පස්වන වියට එළඹ තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අතිපූජ්‍ය පන්නිල ශ‍්‍රී ආන්නද නාහිමිපාණන් වහන්සේ මෙරට නූතන ස`ග සසුන සෝභාමත් කරන පරහිතකාමී යතිවරයාණන් කෙනෙකි. උන්වහන්සේ අනතිමානීය. ඥානවෘධය. දානයෙහි කැමතිය. අසරණ සරණය. මෙම උතුම් ගුණ උන්වහන්සේගේ ජීවිතය බැබලවීමට සමත්කම් පා තිබේ.

අප ආනන්ද නාහිමිපාණන් වහන්සේ දීර්ඝ කාලයක් ඉතාමත් සමීපව ඇසුරු කිරීමට මම භාග්‍යවත් වීමි. එම නිසා උන්වහන්සේගේ උදාර පරාර්ථ චාර්යාව මම පෞද්ගලිකවම දැන හ`දුනාගෙන සිටිමි. උන්වහන්සේ ආමිස පූජාවට වඩා ප‍්‍රතිපත්ති පූජාව අගය කරති. පිහිටක් අවැසි තැනට පිහිටක් වෙමින් උන්වහන්සේ අප සමාජය වඩා යහපත් කිරීමෙහිලා කැපවී සිටිති. ආනන්ද නාහිමියෝ ජාති, ආගම් බේද නොසලකති. උස් මිටිකම් නොතකති. සියලු දෙනාම මනුෂ්‍යයෝය යන අදහසින් උන්වහන්සේ කිසි`දු වර්ග කිරීමකින්, බේදයකින් තොරව උපකාරයක් අවැසි ඕනෑම අයෙකුට උපකාර කරති.

නාහිමියෝ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමෙහිලා සිදු කරන අනුපමේය මෙහෙවර විශේෂයෙන් අගය කළ යුතුය. මේ වන විට උන්වහන්සේ දිවයින පුරා අවශ්‍යතා ඇති පාසල් ස`දහා තෙමහල් ගොඩනැගිලි තිස් තුනක් ඉදිකර දී තිබේ. දහස් ගණනක් සිසු දරුවන්ට ශිෂ්‍යත්ව, අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කර තිබේ. අත්තනගල්ලේ වතුපිටිවල රෝහල ප‍්‍රමුඛ දිවයිනේ රෝහල් ගණනාවකට වෛද්‍ය උපකරණ සහ වාට්ටු සංකීර්ණ පරිත්‍යාග කර තිබේ. ආබාධිත රණවිරුවන්ට, යුද්ධයෙන් අවතැන් වූ දමිළ ජනතාවට, සුනාමියෙන් විපතට පත් ජනතාවට පමණක් නොව, පවතින කොරෝනා වසංගතය නිසා අසරණ භාවයට පත්ව සිටි ජනතාවගේ ජීවන තත්ත්වය

ගොඩනැගීමෙහිලාද අවංකව ම කැප වී ක‍්‍රියා කළහ.

තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් වස්තුව හා ධනය තෘෂ්ණාවෙන් අත්පත්කර ගන්නා සමාජයක තමන්ට ලැබෙන දේ පොදු ජන යහපත වෙනුවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කරන ආනන්ද නාහිමියන් වැනි යති රුවන් තව තවත් බිහි වේවායි ප‍්‍රාර්ථනා කරමි.

අප නාහිමිපාණන් වහන්සේ මගේ මව්තුමිය, සොයුරා මෙන්ම මා සමග ඉතාමත් ලැදිව දුකෙහිදී, විපතේදී අපට ශක්තිය, ආශිර්වාද අනුශාසනා ලබා දුන්නෝ ය.

වාර්ගික මිත‍්‍රත්වය, පරාර්ථ චාර්යාව වැනි උතුම් ගුණයන්ගෙන් බැබලෙන පන්නිල ශ‍්‍රී ආනන්ද නාහිමියන්ට තවත් චිරාත් කාලයක් ශාසන සේවාවෙහි යෙදීමට අවශ්‍ය චිර ජීවනය පතමි.

හිටපු ජනාධිපති
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment