ඔන්ලයින් පනත – කථානායකගේ අත්සන

124

පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ඊයේ (01දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව ජනවාරි 09 වැනිදා සම්මත වූ ජාතික ජලශාස්ත්‍රීය සහ ජනවාරි මස 10 වැනි දින සම්මත වූ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් ද්විත්වයට ද මෙහිදී කථානායකවරයාගේ සහතිකය හිමිවිය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment