අලියා ඇන්ජිමේ හිරවෙයි පුලතිසි දුම්රිය පීලි පනියි

319

හබරණ, ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ඊයේ (13 දා) අලුයම 5.00ට පමණ ධාවනය වූ පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලියකු මියගොස් තිබේ. මෙම වන අලියා ගැටීම නිසා දුම්රියේ ඉදිරිපස ඇන්ජීම පිලී පැන ඇත.

හතරැස්කොටුව ප්‍රදේශය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.

අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනා ගමනය නැවතී තිබුණි.

කවුඩුල්ල සහ මින්නෙරිය වන උද්‍යානවල ඉන්න වන අලින් මෙසේ දුම්රිය මාර්ගය හරහා රංචු පිටින් මාරු වන විට මෙම අනතුරුවලට මුහුණ දෙන අතර අනතුරින් දුම්රිය මාර්ගයේ මීටර් 15ක් පමණ දුරට වන අලියා ඇදී ගොස් ඇත.

මෙම අනතුර නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කොට 10ක් පමණ කැඩී ගොස් තිබේ. අනතුරට මුහුණ දුන් වන අලියා දුම්රියේ ඉදිරිපස ඇන්ජීම තුළ සිරවී සිටි බැවින් හතරැස් කොටුව පොලිසිය විසින් දුම්රියේ පැමිණි පිරිස් බස් රථවලින් පිටත් කර හැර තිබේ.

අනතුරින් දුම්රියේ පැමිණි මගීන්ට ද කිසිදු අනතුරක් වී නැත. දුම්රිය මාර්ගයට සුළු අලාභහානි සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගිය වන අලියා වසර 20ක් පමණ වයස වන අලියකු බව වනජීවි නිලධාරියෙක් පැවසුවේය.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment