ඖෂධ අධිකාරියේ අයට හොර පාරෙන් කෝටි 6ක දිරි දීමනා

242

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2020 සහ 2021 යන වර්ෂවල දී අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා රුපියල් හයකෝටි විසිඑක් ලක්ෂ දාසයදහස් අටසිය හැත්තෑ තුනක දිරි දීමනාවක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරිය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව කොවිඩ් වසංගත සමයේ දී මෙකී දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව සාමාන්‍ය රාජකාරි දින හා නිවාඩු දිනයන් ලෙස නොසලකා රාජකාරියට වාර්තා කරන දිනකට දින එකහමාර බැගින් දීමනා ගණනය කර තිබුණි. මේ වන විට මෙකී දීමනා ගෙවීම අත්හිටුවා ඇති බව අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. විගණනය මගින් නිර්දේශ කර ඇත්තේ ගෙවනු ලැබූ දීමනා ආපසු අයකර ගැනීමට හෝ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය. අධිකාරියේ සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ දී චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව කොවිඩ් දීමනා ලෙස රුපියල් හාරලක්ෂ, පනස්හතරදහස්, අටසිය විසිහතක මුදලක් (454,827) කිසිදු අනුමැතියකින් තොරව ලබා ගෙන තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment