රුසියාව මානව හිමිකම් මණ්ඩලයට ඇතුළු වීමේ උත්සාහයක

386

යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් නෙරපනු ලැබූ රුසියාව නැවත එම මණ්ඩලයට ඇතුළත් වීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. වසර තුනක කාලසීමාවක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තේරී පත් වීම සඳහා උපකාර කරන්නැයි රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවලින් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව එම මාධ්‍ය සඳහන් කර සිටී.

රුසියානු හමුදා විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමගම රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වයෙන් නෙරපන ලද්දේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් පත් වීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර මෙවර එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාසයේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment