පොලිස් නිලධාරියාව යටකළ අය අත්අඩංගුවට

135

වවුනියාව තාණ්ඩික්කුලම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකුව යට කරගෙන යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු වවුනියාව පොලිසිය විසින් 16 දා අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදියේ ගැටීමත් සමගම පොලිස් නිලධාරියා බිම ඇද වැටී ඇති අතර එම සිද්ධියෙන් ඔහු තුවාල ලැබීම නිසා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. යතුරු පැදිකරු අධික වේගයෙන් පැමිණ අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට යතුරු පැදිය ඇතුළු කිරීමට යෑමේදී යතුරු පැදිය පොලිස් නිලධාරියාගේ ගැටී තිබේ. ඔහුව අත්අඩංගුවට ගත් වවුනියාව පොලිසිය ඔහුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment