පෞද්ගලික අංශයේ යෝජනාත් අයවැයට ජනපති පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ට කියයි

104

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබා දෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බව ද ජනාධිපතිවරයා කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡා කළේය.

එහිදී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟාසිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිණ.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, ජනාධිපති උපදේශක චන්ද්‍රා ෂාෆ්ටර්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment