ආණ්ඩුව මහනුවර සමුපකාර ගොඩනැගිල්ලත් විකුණන්න හදනවා – ලක්ෂ්මන් කිරිඇල්ල

64

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල මෙන්ම ආණ්ඩුව මහනුවර සමුපකාර ගොඩනැගිල්ල ද විකිණීමට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හෙතෙම එසේ පැවසුවේ නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධව සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

“නුවරඑළිය විතරක් නොවෙයි මහනුවර තැපැල් කාර්යාලයත් විකුණන්න යන්නේ. රටේ තිබෙන හෝටල්වලටත් මිනිස්සු එන්නේ නෑ. දකුණේ හෝටල් හිස්. අලුත් හෝටල් අරින්නේ මොකටද? මහනුවර සමුපකාර ගොඩනැගිල්ලත් විකුණන්න දාලා. ආදායම් වැඩි කරගන්න හදන්නේ නෑ. විකුණලා විකුණලා බදු ගහන එක තමයි මෙයාලගේ ප්‍රතිපත්තිය.

එහෙත් රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ මහනුවර සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment