රුපියල ඊයේ උඩ යයි

726

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ ද (19දා) සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

මේ අනුව ඉකුත් සිකුරාදා (16දා) රු.319.66 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු.315.12 ක් දක්වා රු.4.54 කින් අඩු වෙමින් රුපියල ශක්තිමත් වී ඇත.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ඉකුත් සිකුරාදා වාර්තා වූ රු.300.51 සිට ඊයේ රු.297.53 දක්වා රු.2.98 කින් අඩු වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment