නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි ජනපති හමුවෙයි

173

ශ්‍රී ලංකාවේ 19 වැනි ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඉකුත් 05 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ධුරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

නව ගුවන් හමුදාපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද හමු වී කෙටි පිළිසඳරක නිරත විය.

advertistmentadvertistment
advertistmentadvertistment