යුපුන් දකුණු ආසියානු වාර්තා පොත නැවත ලියයි

248

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව නැවත අලුත් කිරීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ ජර්මනියේ පැවැති 2022 ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී එම ඉසව්ව තත්පර 10.06කින් නිමාවට පත්කරමිනි.

මීට පෙර මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් නිමාවට පත්කරමින් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කීමට යුපුන් සමත්වී සිටියේය. ඒ අනුව මෙම තරගයේදී තමාගෙම වාර්තාව නැවත අලුත් කිරීමට යුපුන් සමත්වීම කැපී පෙණුනි.

මීටර් 200 (තත්පර 20.36), මීටර් 150 (තත්පර 15.16) කාලයකින් අවසන් කරමින් එම ඉසව්වලද දකුණු ආසියානු වාර්තාවන්ට හිමිකම් කීමට යුපුන් අබේකෝන් සමත්වී තිබේ. පසුගියදා

ඉතාලියේ පැවැති සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.04කින් අවසන් කරමින් සිය හොඳම කාලය වාර්තා කිරීමට සමත්විය. එහෙත් එම අවස්ථාවේදී සුළඟේ පැවැති වේගය හේතුවෙන් එය තරග වාර්තාවක් ලෙස සැළකිල්ලට ගත නොහැකි විය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment