කුඩු සලිදුගේ ජීවිත ආරක්ෂාව ඉල්ලා අධිකරණයට පෙත්සමක්

201

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනැවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සළිඳු මල්ශික හෙවත් කුඩු සළිඳුගේ මව විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙම පෙත්සම පිළිබඳ ලබන 20 වැනිදා ස්ථාවරය දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

මෙම රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment