Deadpool & Wolverine

66

මේ වසරේ නිකුත් වීමට නියමිත දැවැන්තම සිනමා නිර්මානය කුමක්දැයි හැඳින්වූවොත් කිසිදු විවාදයකින් තොරව එය Marvel විශ්වයේ බිහිවන නවතම චිත්‍රපටය වෙන Deadpool & Wolverine ලෙස හැඳින්විය හැකියි. වර්තමානය වනවිට avengers endgame වලින් පසු Marvel විශ්වයේ බිහිවන චිත්‍රපට සඳහා ලොව පුරා රසිකයන්ගේ අඩු ඉල්ලුමක් තිබූ බව නොරහසක්. එවැනි පසුබිමක රූපගත කරන කාල වකවානුවේ සිට ම අතිවිශාල වූ පේක්ෂක ආකර්ෂණයක් Deadpool නවතම චිත්‍රපටය වෙත ලැබී තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් 2016 ඇරඹි Deadpool චිත්‍රපට මාලාවට බොහොමයක් රසික ප්‍රසාදයක් හිමි වූ බව කිව යුතුමයි. ඒත් මෙවර එය දෙගුණ තෙගුණ වන්නට හේතුව ලෙස Wolverine ලෙසින් Hugh Jackmanගේ ආගමනයයි.

Deadpool & Wolverine

කෙසේ වෙතත් පැමිණීමට නියමිත Deadpool & Wolverine චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන Shawn Levy නම් පවසන්නේ බොහෝ දුරට මෙය Hugh Jackman, Wolverine ලෙසින් රගන අවසාන රංගනය වියහැකි බවයි.

මේ වනවිටත් ලොව පුරා විසිරි පැතිරි සිටින Marvel රසිකයන්ගේ පමණක් නොව සියල්ලන්ගේම කුතුහලය තව තවත් වැඩි කරන්නට පසුගියදා සමාජමාධ්‍ය හරහා නිකුත් වුණු Deadpool & Wolverine පූර්ව ප්‍රචාරකපටය සමත් වූවා. Ryan Reynolds, Rhett Reese, Paul Wernick, Zeb Wells, Shawn Levy දායකත්වයෙන් රචනා වන Deadpool & Wolverine චිත්‍රපටයට Kevin Feige, Ryan Reynolds, Shawn Levy, Lauren Shuler Donner ඇතුළු පිරිස නිෂ්පාදන පිරිවැය දරනු ලබනවා.

කිසිදිනක අත් නොවිදි අති දැවැන්තම කියාදාම ජවනිකා රැසක් මේ වසරේ ජූලි 26 වැනිදා තිරගතවීමට නියමිත Deadpool & Wolverine තුළින් දැකබලාගන්නට පුළුවන්. Ryan Reynolds, Hugh Jackman, Emma Corrin, Morena Baccarin, Rob Delaney, Leslie Uggams, Karan Soni, Matthew Macfadyen ඇතුළු හොලිවුඩ් සිනමාවේ දැවැත්නයින් රංගනයෙන් නිරත වන Deadpool & Wolverine මේ වසරේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්.

Deadpool & Wolverine

ෂාමික ජයලත්

advertistmentadvertistment
advertistmentadvertistment