අනුරපුර කාබනික පොහොර මධ්‍යස්ථාන ජනපතිගේ නිරීක්ෂණයට

370

ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35 කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට් අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. මහ කන්නය සඳහා කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි. අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලූප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්‍යස්ථාන 6 කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරයි.

මෙම කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැක. පොහොරවල නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇසුරුම් මධ්‍යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්‍යස්ථාන වලදී ගොවීන්ට දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment