නිදි පෙති දැමූ පැණි බීම බොන්න දී මාමා අවු. 14 දැරියට අතවර කරලා

872

නිවසේ කිසිවෙක් නොමැති අවස්ථා බලා කාලයක් තිස්සේ මෙසේ හැසිරිලා

යාපනය, චුන්නාගම් මයිලන්ගාඩු ප්‍රදේශයේදී අවුරුදු 14 ක දැරියක් දූෂණය කළ දැරියගේ මාමා කෙනෙකු පොලිසිය විසින් 15 දා අත් අඩංගුවට ගෙන තිබේ.

චුන්නාකම් පොලිසිය ප්‍රකාශ කලේ මේ පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා වලදී දැරියට නිදි පෙති මුසු කළ පැණි බීම පානය කිරීමට දී ඇය නින්දට ගිය පසු දූෂණය කොට ඇති බවයි.

කාලයක් තිස්සේම ඔහු මෙම ක්‍රියාව සිදු කොට ඇති අතර හදිසියේම නිවසට පැමිණි කෙනෙකු නිසා සිද්ධිය හෙළි වී තිබේ. ඒ අනුව දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා අධිකරණ නියෝගයක් මත ඔහු පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment