අනුරාධපුර කොරෝනා අවදානම ඉහළට – ප‍්‍රතිකාරක මධ්‍යස්ථාන රැසක් රෝගීන්ගෙන් පිරෙයි

392

* දෛනික රෝගීන් හඳුනා ගැනීමෙන් පාසල් කිහිපයක් වසා දමයි

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාරක මධ්‍යස්ථාන නවයක් පිහිටුවා ඇති අතර ඒවායින් මධ්‍යස්ථාන රැසක්  රෝගීන්ගෙන් පිරි පවතින බවත් මේ වනවිට රෝහල්වල රෝගීන් අටසියයක් (800) පමණ ප‍්‍රතිකාර ලබන බව අනුරාධපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා සඳහන් කළේය.

එසේම මේ වනවිට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැුසක පාසල්වලද කොවිඞ්-19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමකට ලක්ව ඇති බවත් ඒ අනුව පාසල් හැත්තෑවක(70* පමණ ගුරුවරුන් හා සිසු සිසුවියන් කොවිඞ් ආසාදිතව හඳුනාගෙන ඇත. ඉකුත් දිනවලදී කොවිඞ් ආසාදිත රෝගින් හමුවීමේ වැඩිවීමක් දක්නට ලැබුණ අතර මේ වනවිට රෝගින් අටසිය දෙනෙකු(800) පමණ නිවෙස්වල ප‍්‍රතිකාර ලබා ගන්නා බවද හෙතම පැවසීය. දිස්ත‍්‍රික්කයේ පාසල් රැුසක දෛනිකව කොවිඞ් ආසාදිතව ගුරුවරුන් හා ¥දරුවන්ද හඳුනා ගන්නා බවත් ඒ අනුව පාසල් හැත්තෑවක පමණ සිසු සිසුවියන් සියයකට (100) අධික පිරිසක් හා ගුරුවරුන් තිහක(30) පමණ ප‍්‍රමාණයක් කොවිඞ් ආසදිතයින් බවට හඳුනා ගෙන ඇත. මේ හේතුවෙන් පාසල් කිහිපයක් වසා දමා ඇති අතර අනෙකුත් පාසල්වල ආසාදිත සිසුන් හමුවූ පංති වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙහිදී ගුරුවරුන් හැට දෙනෙකු(60) පමණ හා දු දරුවන් තුන්සිය (300) දෙනෙකු පමණ මේ වනවිට නිරෝධායනය වන බවත් මේ හේතුවෙන් උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසද දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.

තවද අනුරාධපුර ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් හිමි පුද්ගලික ආයතනයක සේවක සේවිකාවන් හතළිස් දෙනෙකු(40) පමණ ඉකුත් දින කිහිපය තුළ කොවිඞ් ආසාදිතව හඳුනා ගෙන ඇතැයි වාර්තාවේ. එම ආයතනයට අයත් අනුරාධපුර නගරය ආසන්න ඉදිකර ඇති නේවාසිකාගාරයක සිටි පිරිසකට මෙලෙස කොවිඞ් ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. ඒ අනුව එම නේවාසිකාගාර වසා දමා එහි නවාතැන් ගෙන සිටින හාරසියක(400*පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීම කෙරෙහිද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ. ජනතාව මංගල උත්සව, අවමංගල උත්සව, පිංකම් කටයුතු ඇතුළු විවිධ උත්සව අවස්ථාවලට සහභාගි වෙමින් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ නිසි ලෙස පිළිනොපැදීම මෙලෙස යළි සීග‍්‍ර ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමකට ලක්ව ඇති බවද අනුරාධපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

නාච්චාදුව-ප‍්‍රභාත් වනසිංහ හා නොච්චියාගම-එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment