ඉහළ ගිය එළවළු මිල පහළ බසී

42

කැරට් රු.700කින් අනෙක් එළවළු රු100කින්

පසුගිය සතියේ ඉහළ ගිය කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 700 කින් පමණ පහත වැටී ඇති බවත් අනෙකුත් එළවළු වර්ග වල මිල ද රුපියල් සියයත් එකසිය පනහත් අතර මිලකින් පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් කියා සිටී.

උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග මිලට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වෙළෙඳුන් දෛනිකව පැමිණෙන අතර මේ වන විට එලෙස පැමිණෙන වෙළෙඳුන්ගේ ප්‍රමාණයද යම් තරමකට අඩුවී ඇති බවත් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

පසුගිය සතියේ රුපියල් එක්දහස් හයසියය පමණ දක්වා මිල ඉහළ ගිය කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් මේ වන විට රුපියල් හත්සියයක් දක්වා පහත වැටී ඇති බවත් ආර්ථීක මධ්‍යස්ථානය වෙත මේ වන විට ලැබෙන එළවළු වර්ග ප්‍රමාණයේ සුළු වැඩි වීමක් ඇති බවත් වෙළෙඳුන් කියා සිටී.

කැප්පෙටිපොල විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයේ මේ වන විට පවතින එළවළු තොග මිල

කැරට් 800 – 900, ගෝවා 500 – 550, මාළු මිරිස් 1000, ලීක්ස් 400 – 450, බීට් 450 – 500, නෝකෝල් 400-300, අමු මිරිස් 800- 850 සලාද 300, තක්කාලි 550 – 600, වම්බටු 400 – 420, තක්කාලි 600 – 630, බෝංචි 450 – 500 රාබු 100 -130, අර්තාපල් (වැලිමඩ) 250 – 300.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment