ජාතික කනිෂ්ඨ කාන්තා පුහුණු සංචිතය නම් කරයි

49

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී පවත්වන ලද තෝරා ගැනීම් පරීක්ෂණ ආශ්‍රිතව ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කාන්තා පුහුණු සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික හොකී තේරීම් කමිටුව විසින් නම් කර කර ඇති ක්‍රීඩිකාවන් 33 කගෙන් සමන්විත කනිෂ්ඨ සංචිතයේ පුහුණු කිරීම් කොළඹ දී සිදු කිරීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන ඇත.

ආසියානු හොකී සම්මේලන කුසලාන (AHF) අවුරුදු 21 න් පහළ කාන්තා හොකී තරගාවලිය එළඹෙන ජූනි මස සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන්ද මේ අතරින් තෝරා ගැනීමට නියමිත වේ.

ජාතික කනිෂ්ඨ පුහුණු සංචිතය

පී. එන්. කෞෂිනී, වී. එන්. පෙරේරා, එන්. ඩී. මහලියද්ද, පී. ජී. වී. ඔවින්දී, එස්. එන්. කේ. පීරිස්, එස්. කේ. විජේසූරිය, ඒ. තෙන්නකෝන්, එන්. හිරුෂිකා, වී. කේ. යෙහාරා, එස්. එච්. පීරිස්, එච්. ඒ. ඩී. සමුද්‍රා, ආර්. ඩී. ආර්. රාජපක්ෂ, එම්. පී. ගුණරත්න, වී. එච්. නානායක්කාර, එන්. චමත්සරා, ටී. මදරසිංහ, එස්. එස්. පී. ගුණතිලක, එම්. තෙන්නකෝන්, කේ. ආර්. එස්. ප්‍රනාන්දු, එන්. අයි. ප්‍රනාන්දු, ඩී. දෙව්මිණී, ටී. ද ෆොන්සේකා, එල්. එම්. එස්. විමංසා, එල්. එල්. පී. දිව්‍යාජලී, එස්. ඒ. එස්. ටී. සුබසිංහ, ඩබ්ලිව්. ඒ. ආර්. දෙව්මිණි, බී. ඒ. අයි. එම්. පෙරේරා, ඊ. කේ. එන්. නුතාරා, ජී. ඒ. කේ. හෂිණි, කේ. යූ. ජී. අයි. ඩී. එන්. රත්නායක, ආර්. ජී. ආර්. එච්. එස්. සේනාරත්න, කේ. එම්. එල්. එම්. කේ. කුලසේකර සහ එච්. එන්. කොඩිතුවක්කු
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment