සුරතලුන්ගේ සංග්‍රාමයේ ජය 16 වැනි වරටත් ශාන්ත සිල්වෙස්තර විදුහලට

86

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති 64 වැනි “සුරතලුරෑන්ගේ සංග්‍රාමය” ක්‍රිකට් මහ තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ශාන්ත සිල්වෙස්තර විදුහල සමත් විය.

“සුරතලුරෑන්ගේ සංග්‍රාමය” ශාන්ත සිල්වෙස්තර විදුහල විසින් ජය ගනු ලැබූ 16 වැනි වර්ෂය ලෙස එම ජයග්‍රහණය සටහන් විය.

ප්‍රථම ඉනිම වෙනුවෙන් විද්‍යාර්ථ විදුහල ලකුණු 124 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස කඩුලු 09 කට ලකුණු 283 ක් තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට ශාන්ත සිල්වෙස්තර විදුහලට හැකි වූයේය. ඒ අනුව ලකුණු 159 ක් පිටුපසින් සිට දෙවන ඉනිම ඇරඹූ විද්‍යාර්ථ විදුහලේ සියලුම පිතිකරුවෝ ලකුණු 168 කට දැවී ගියහ. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 09 ක් ඉලක්කය කිසිවෙකු නොදැවී ලබා ගැනීමට ශාන්ත සිල්වෙස්තර විදුහලට දෙවැනි ඉනිමේ දී හැකි විය.

ඉසුරු ගුණසේකර පන්දුවාර 34.1 ක් තුළ ලකුණු 86 ට කඩුලුරෑ11 ක් ද නිමේෂ සිල්වා පන්දුවාර 38 කදී ලකුණු 65 ට කඩුලු 08 ක් ද බිඳ දමමින් ශාන්ත සිල්වෙස්තර ජයග්‍රහණය සනාථ කර ගැනීම කැපී පෙණුනි.

ශාන්ත සිල්වෙස්තර විදුහල වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට යෝෂිත ඉසුරංග (76) සහ චන්දුප වඩුගේ (57) සමත් වූ අතර විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් සටහන් වූ එකම අර්ධ ශතකය දිනෙත් ධනංජය (63) ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

විද්‍යාර්ථ විදුහල ප්‍රථම ඉනිම (සියල්ල දැවි) ලකුණු 124 (පන්දුවාර 38.5)

චමල්ක ගිහාන් 23, ෂෙවාන් මෝසස් 23, පුබුදු තාරක 17, සහන් ඩිල්තාර 17, භාෂිත කේෂාන් 17, දනුප කොඩිකාර 10

(ඉසුරු ගුණසේකර 37/05 නිමේෂ සිල්වා 21/05)

ශාන්ත සිල්වෙස්තර විදුහල ප්‍රථම ඉනිම (කඩුලු 09 කට) ලකුණු 283 (පන්දුවාර 67.5)

යෝෂිත උඩහකොටුව 76, චන්දුප වඩුගේ 57, ඩයන් ප්‍රනාන්දු 36, අරූෂ ජයසිංහ 34, අකිල වික්‍රමසිංහ (නොදැවී) 27, වගීෂ හංසල 17

(ශාලුක රඹුක්පිටිය 29/02, අනිෂ්ක ගුණරත්න 64/02),

ෂෙවාන් මෝසස් 93/02, අකලංක දිනුජය 33/01, දනුප කොඩිකාර 44 /01)

විද්‍යාර්ථ විදුහල දෙවන ඉනිම (සියල්ල දැවී) ලකුණු 168 (පන්දුවාර 67.5)

දිනෙත් ධනංජය 63,

දනුප කොඩිකාර 35, භාෂිත කේෂාන් 25, කවිඳු හෙට්ටිආරච්චි 21

(ඉසුරු ගුණසේකර 49/06, නිමේෂ සිල්වා 44/03, කවීෂ චන්දිමාල් 17/01)

ශාන්ත සිල්වෙස්තර විදුහල දෙවන ඉනිම (කිසිවෙකු නොදැවී) ලකුණු 13 (පන්දුවාර 02.2)

කාශ්‍යප දිසානායක (නොදැවී) 12, අකිල වික්‍රමසිංහ (නොදැවී) 01
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment