ජනතා ගැටලු‍ විසඳන්න මුදල් හොයන හැටි මම හොඳට දන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

63

ජනතාවගේ ගැටලු‍ විසඳන්න මුදල් හොයන ක්‍රමය තමා හොඳින් දන්නා බවත් එම ඉල්ලු‍මට සරිලන සැපයුම ලබාදෙන්න හැකියාවක් පවතින බවත් මේ කිසිවක් කළේ බලයක් නොමැතිව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය වසර 3ක කාලය තුළ සක්වල, හුස්ම වැඩසටහන් සිදු කළේ කිසිදු කොමිස් ලබා ගැනීමකින් තොරව. නමුත් මොල හතානෝලා එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ නම් කොමිස් කුට්ටි පිටින් ලබා ගන්නා බවත් එම කොමිස් ලබාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් කළ හොරු පවා විපක්ෂයේ සිට ඇල්ලු‍වේ සමගි ජන බලවේගය බවත් එම නිසා බිය නොවී ගමට ගිහින් ජනතාවට මේ යථාර්ථය පැහැදිලි කර දෙන ලෙසත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා මාතර කඹුරුපිටියේ පැවැති ජන හමුවකදීය.

විකල්ප යැයි කියා ගන්නා කණ්ඩායම් කිසිවක් සිදු කර නොමැති බවත් ඔවුන් සිදු කර ඇත්තේ ලක්ෂ ගණන් සල්ලි වියදම් කරමින් බස්වලින් මිනිස්සු ගෙනවිත් රැස්වීම් පැවැත්වීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. ජනතාව යොමුවිය යුත්තේ ජනතාවගේ ගැටලු‍වලට විසදුම් ලබා දෙන තැනට බවත් බොරු කයිවාරුවලට හසු වුවහොත් සිදුවන්නේ නැවතත් කරදරයේ වැටීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment