දෙසැම්බර් අස්වැසුම දෙයි

294

අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහතරලක්‍ෂ දහදහස් හැටහතරකට (1410064 ක්) සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු. මි. 8793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියයි.

මෙම පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා අස්වැසුම දීමනා ගෙවීම් ලෙස රුපියල් මිලියන 51967 ක මුදලක් මේ වන විට රජය ගෙවා ඇති බව ඇමැතිවරයා කියයි. අන්ත දිළිඳු පවුල් තුන්ලක්‍ෂ තුන්දහස් එකසිය අනූනවයකට, දිළිඳු පවුල් හයලක්‍ෂ හයදහස් හාරසිය අනූහයකට, අවදානමට ලක් වූ පවුල් දෙලක්‍ෂ අනූදහස් හයසිය විසිහතරකට හා සංක්‍රාන්තික පවුල් දෙලක්‍ෂ නවදහස් හත්සිය හතළිස් පහකට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වන විට සිදු වෙන බව ද ඇමැතිවරයා තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment