Mahindra IDEAL Finance නවතම ශාඛාව ගාල්ලේදී විවෘත කෙරේ

153

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance හි නවතම ශාඛාව පසුගියදා ගාල්ල නගරයේදී විවෘත විය.විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාවට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා තම ශාඛා ජාලය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම පියවර ගෙන ඇති අතර, එහි එක් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදී.

Mahindra IDEAL Finance සමාගමේ 19 වන ශාඛාව වන මෙම ගාල්ල ශාඛාව අංක 18, පල්ලිය පාර, මහ වීදිය, ගාල්ල යන ස්ථානයෙහි පිහිටා තිබේ. එය විවෘත කිරීම වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට Mahindra IDEAL Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් Mahindra IDEAL Finance සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – රන් ණය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ, විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන පුද්ගලයන් වෙත තම සේවාවන් සමීප කරවීම සඳහා සමාගම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇති බවයි. “අපගේ ශාඛා පුළුල් කිරීමේ ක්‍රමෝපාය යටතේ අප මේ වනවිට රට පුරා වාණිජ වශයෙන් වැදගත් ප්‍රදේශ රාශියක් හඳුනාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශවල ශාඛා පිහිටුවීම මගින් ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගන්නට පුළුවන්. ගාල්ල යනු එබඳු වැදගත් වාණිජ මධ්‍යස්ථානයක්. එම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් රාශියක් Mahindra IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට කැමැත්තෙන් සිටින බව, අප කළ සමීක්ෂණ මගින් පෙනී ගියා. ගාල්ල ප්‍රදේශයේ අපගේ නවතම ශාඛාව පිහිටුවීමට අප කටයුතු කළේ ඒ නිසයි. ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක අපගේ ශාඛාවන් විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපගේ ගාල්ල ශාඛාව වෙත පැමිණ, අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් මෙම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට අප ආරාධනය කර සිටිනවා.” ප්‍රදීප් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment