තම අනියම් බිරිඳගේ සැමියා මැරූ පුද්ගලයාට මරණ දඬුවම

178

පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ පුද්ගලයකුට සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය පසූගිය 30 දා මරණ දඬුවම නියම කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වඬයේ යටියන්තොට පොලිස් වසමේ කබුළුමුල්ල වලහේන පදිංචිව වෘත්තියෙන් රියැදුරෙකු වන පී. එච්. හරිස්චන්ද්‍ර කුමාරසිංහ නමැති 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

2010 සැප්තැම්බර් මස 10 හෝ ඊට ආසන්න දිනකදී සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියයෙන් මරණ යට පත්ව තිබුනේ යටියන්තොට කබුළුමුල්ල, වලහේන පදිංචිව සිටි ප්‍රියන්ත බාලසුරිය නම් අයෙකි.

වරදකරු වූ විත්තිකරු මරණකරුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන සිටියදී මරණකරු ඒ පිළිබඳව ඇතිවූ බහින් බස්වීමක් මෙම මරණයට හේතුවු බවද අධිකරණයේ දී ප්‍රකාශයට පත්වී තිබිණි. දීර්ඝ නඩු වීභාගයකින් පසුව විනිසුරුතුමිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය. චෝදිත වරදකරු හා බිරිඳ අතර ඇති සම්බන්ධය දැනගත් මරණකරු බිරිඳගෙන් මේ පිළිබඳව විමසීමක් ද කර ඇත. බිරිඳට තර්ජනය කිරීම හේතුවෙන් චූදිත විසින් මරණකරුගේ බිරිඳ රුවන්වැල්ල, නිවුන්හැල්ල ප්‍රදේශයේ නිවසක නතර කර සිටි බවට ද පසුව වෝදිත වරදකරු මරණකරුගේ බිරිඳ රැගෙන ඇගේ උපන් ගම වන මොණරාගල, සියඹලාණ්ඩුව පොලිසියට අයත් (10 කණුව පොලිස් මුරපොළට අයත් අම්පාර පාර 8 කණුව බටුගහගොඩ පාරේ කැලේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.

ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට අධි චෝදනා දෙකක් යටතේ අංක 3139/2012 සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණය වෙත යොමු කොට තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දේශානි කුලරත්න මහත්මිය පෙනී සිටි අතර චූදිත වෙනුවෙන් නීතිඥ අසෝකා රාජපක්ෂ මහතා පෙනී සිටියේය. යටියන්තොට පොලිසියේ පො.සැ. (64536) චන්ද්‍රසේන මහතා පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

කොටියාකුඹුර – රම්‍යපාල, කෑගල්ල – පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment