රටේ ජනතාවට මොනව වුණත් ජනාධිපතිගේ වැල් පාලමෙන් ගොඩ ගියේ රට විනාශ කළ රාජපක්ෂවරු විතරයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යාපහුව ජනපවුරේදී කියයි

93

ජනාධිපතිවරයා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වුණේ රට විනාශ කළ රාජපක්ෂවරු පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ඉකුත් 09 වැනිදා යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමිනි.

මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුණයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ නව සාමාන්‍යකරණයක් ඇතිව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍ය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සමහර කණ්ඩායම් ෆයිල් මිටි ගණන් පෙන්වා හොරු අල්ලන්න බලය ඉල්ලා සිටින සිටියත් දැනටමත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රාජපක්ෂලා මූලික අයිතිවාසිකම් කඩකළා යැයි කියන තීන්දුව විපක්ෂයේ සිටම ලබාගත් බවත් සමගි ජන බලවේගය ෆයිල් පෙන්වා දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාව අසීමිත අසහනයකින් පෙළෙන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රට විනාශ කළ පොහොට්ටු මන්ත්‍රීවරු ටික රාජපක්ෂලා සමඟ එකට එකතු වී තමන්ට රිසි සේ බෙදාගැනීම් සිදු කරමින් සිටින බවත් මේ පාර්ලිමේන්තුවේ 113ක් සිටිනා බවත් ඒ 113 දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වංචාවලට පක්ෂව අත ඉස්සූ බවත් මේ රටේ දේශීය සම්පත්, ජනතා සම්පත් හා දේපල මෙන්ම මිල මුදල් හොරකම් කරපු කණ්ඩායම්වලට සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු සමාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වන අලි මිනිස් ගැටුම නිරාකරණය කරන්න රජයට කිසිදු තිරසර වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම ගැටුම් නිරාකරණය කරන්න විධිමත් වැඩපිළිවෙළක් පවතින බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළමු වසර 5 තුළ මෙම වන අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබාදී ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාවට මොනව වුණත් ජනාධිපතිගේ වැල් පාලමෙන් ගොඩ ගියේ රට විනාශ කළ රාජපක්ෂවරු විතරයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යාපහුව ජනපවුරේදී කියයි

නැතිබර කම නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලකට රටේ ජනතාව හසුවී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර අරමුණු පෙරදැරි කරගෙන අසීමිත පීඩනයකට අසහනයකට ලක් කරන ආයුධයක් බවට පත් කර ඇති බවත් මේ ණය පීඩාවෙන් දුක් විදින ජනතාවගේ දුකට විසඳුමක් නියත වශයෙන්ම ලබාදෙන බවත් මෙම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් ශක්තිමත් නියාමනයට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ තීන්දුවත් නොසලකා හරින මූල්‍ය ආයතනවලින් පෙනී යන්නේ මේ ආණ්ඩුවට කොන්දක් නැති බවත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කරන්න ක්‍රමයක් නොමැති නිසා බැංකු පද්ධතිය රජය දෙන නියෝග පවා නොසලකා හැර ඇති බවත් රටේ පාලනයට ඉන්නේ කිසිදු අණසක් ක්‍රියාත්මක කළ නොහැකි ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණ සිහින සැබෑ කරගන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න උත්සාහ කරන බවත් මොහු කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් බවත් පැවසූ විපක්ෂ නායකයවරයා කියා සිටියේ රජය හරිහැටි සංගණනයක් හෝ සිදු නොකර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment