හදිසි තත්ත්වයක් තිබුණේ නැහැ ගුවන් යානයේ සුළු දෝෂය නිවැරැදි කළා – ශ්‍රීලන්කන්

159

කොළඹ සිට දිල්ලි බලා පියාසර කළ යූඑල් – 195 දරන ගුවන් යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක හටගත් සුළු දෝෂයක් නිසා ආරක්ෂක පියවරක් වශයෙන් ගොඩ බැස්වීමක් සිදුකර තිබේ.

දිල්ලිවල මෙම ගොඩබැස්වීම සිදුකර නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරනු ලැබීය.

කෙසේ වෙතත් එම යානය ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකළ බවට හා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ බවට පැතිර යන වාර්තා අසත්‍ය බවද එම ගුවන් සේවය පවසයි. එවැනි සුළු දෝෂ තත්ත්වවලදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පුහුණුව කාර්ය මණ්ඩලය සතු බවද ගුවන් සේවය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment