සහකාර ශාලාධිපති විවෘත වරෙන්තුවකින් අල්ලයි

173


මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපතිවරයෙකු ලෙස රාජකාරී කටයුතු කල ගුරුවරයකු, මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව විවෘත වරෙන්තු ලබා සිටියදී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රධාන පාසලක ඉගෙනීම් කටයුතු කරනල අනුරාධපුර නගරයේ පදිංචි ල උසස් පෙළ විභාග සහකාර ශාලාධිපතිවරයෙකි.

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා කිරීමට අදාල නඩුවක සැකකරුවකු වන මෙම ගුරුවරයා දිගින් දිගටම අධිකරණය මග හැරීම හේතුවෙන් විවෘත වරෙන්තු ලබා සිටි අයකු බවද පොලිසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment