බුදු වදන නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කිරීමට වාසනාවන්ත වුණා – මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි

205

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ආදාහන පූජෝත්සවය

රටේ තිබෙන තත්ත්වය නිසා රජයේ මුදල්  වැය කිරීම උන්වහන්සේට කරන අගෞරවයක්

පල්ලේගම හේමරතන නාහිමි

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් සිය වගකීම් සම්භාරය ඉටු කිරීමේදී බුදු වදනය නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කිරීමට වාසනාවන්ත වූ බව ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පැවසූහ.

බුදු වදන නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කිරීමට වාසනාවන්ත වුණා - මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී අනුශාසනාවක් පවත්වමින් අනුනාහිමියෝ (22දා) මේ බව පැවසූහ.

අපවත්වී වදාළ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් ආගමික වතාවත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී සිදු කිරීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීම ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ථූපාරාමය අසල පිහිටි මහාවිහාර ආදාහන මළුවේදී සිදු කෙරිණි.

මේ අතර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් ගිහි ගුණ කථන කිසිවක් නොපැවැත්වීම විශේෂ සිදුවීමක් විය.

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හාමුදුරුවෝ වසර විසි හයක පමණ කාලයක් ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානාධිපති ධුරය දරමින් සිය වගකීම් සම්භාරය මනා ලෙස ඉටු කිරීමට වාසනාවන්ත වුණා. උන්වහන්සේ හැමවිටම ශ්‍රද්ධාබුද්ධි සම්පන්න භාවයෙන් ප්‍රතිපත්ති ගරුක යුක්ත වුණා. ඒ වගේම ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව තිබුණා.

හැමදෙනාගේම දුකේදී සැපේදී සහ සම්බන්ධ වූ උන්වහන්සේ සියම් මහනිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මාහානාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගනිමින් සානු මහා කාරක සංඝ සභාව උන්වහන්සේට පවරනු ලබන යම් ශාසනික ජාතික යම් කටයුත්තක් වේනම් එය ඉතා ඕනෑකමින් ඉටු කිරීමටත් වාසනාවන්ත වුණා.

ශ්‍යාමෝපාලි මහානිකායේ  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ.

අපවත්වී වදාළ නාහිමියන් ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ අනාගත පැවැත්ම වෙනුවෙන් විවිධාකාර සේවාවන් සිදු කළා.

අපවත්වී වදාළ නාහිමිපාණන් වහන්සේ අටමස්ථානයේ ආයතනවලට මේ බෝමළුව සංඝ පරම්පරාවේ අධ්‍යාපන ඥානයෙන් හෙබියා වූ යතිවරයාණන් වහන්සේගේ අවශ්‍යතාව මනාව වටහාගෙන පත් කිරීමට කටයුතු කර තිබෙනව.

ශ්‍රී ලංකා රාමඤඤ මහනිකායේ අනුනායක අතිපුජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමි.

අනුරාධපුරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව දෙස බැලූවිට ඒ අයට ශ්‍රද්ධාව ඇතිවන ආකාරයට විහාරාරාම, භෞතික සම්පත් සංවර්ධනය කිරීමට කටයුතු කළේ අපේ පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ.

අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි චෛත්‍යාරාමධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි.

නායක හාමුදුරුවෝ නොසිතූ අවස්ථාවක ඉතාම හදිසියේ අපවත් වුණා. එදා සිට අද දක්වා මේ කටයුතුවල සෑහෙන බරක් මගේ හිස මතට වැටුනා. නමුත් අපේ අනෙක් සියලුම දෙනා අටමස්ථානයේ තේවාව භාරව විහාරාධිකාරිවරුන් වශයෙන් කටයුතු කරන සියලුම භික්ෂුන් වහන්සේ දැන උගත් භික්ෂුන් වහන්සේලා. ඒ ගෞරවයෙන් වැඩි කොටස අපවත් වී වදාළ අපේ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේට හිමි විය යුතු යැයි අප මා විශ්වාස කරනවා. ඒ නිසා ශිෂ්‍ය බාලාදීන්ගේ දායක සභාවේ කාර්යශූර භාවය මට විශාල ශක්තියක් වුණා. ජනාධිපතිතුමා ඇතුළු රජයේ නායක හාමුදුරුවන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් ඉටු කර දෙන්න කියා උපදෙස් දී තිබුණා. ඒ ආරංචිය මට ලැබුණු විගස මම කිව්ව අපේ නායක හාමුදුරුවෝ එබඳු ගෞරවයකට සුදුස්සෙක් යැයි රජය කල්පනා කර ඒ කියූ දේ ගැන එම ගෞරවය අපි ගෞරවය නිහතමානීව පිළිගන්නවා. ඒත් රටේ තිබෙන තත්ත්වය අනුව රජයේ මුදල් ඒ වෙනුවෙන්ම කියල වැය කළොත් අපි නායක හාමුදුරුවන් වහන්සේට කරන අගෞරවයක් නිසා ඉතාම කරුණාවෙන් මෛත්‍රී සහගතව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ නොහොඳ නෝක්කාඩුවකට නොවෙයි. ඒ වගේම මේ ආදාහන උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී ආගමික වතාවත් සහ ධර්මානුශාසනාවන් පමණක් සිදු කර මෙම කාර්යය නිමා කර මේ සංවේගජනක අපේ හිත් සනසා ගමු යන්න ආදාහන පූජෝත්සව කමිටුවේදී අපි තව තීරණයක් ගත්තා. ඒ නිසා මේ දායකයෝ අපට උදව් කළේ නම කියවා ගැනීමට හෝ ප්‍රසිද්ධියටවත් නොවේ. ඒ නිසා මේ තීන්දු තීරණ ගැනීම අපට ලොකු පහසුවක් වුණා.

මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි මහනිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, පූජ්‍ය පහමුණේ සුමංගල, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ දම්මදින්න, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය කනත්තේගොඩ සද්ධාරතන ඉසුරුමුණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මතව ශ්‍රී සුමංගල යන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානයේ විහාරාධිකාරී නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් සහ ජනතාව විශාල පිරිසක්ද සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු- සහ මිහින්තලේ රංගචතූ

advertistmentadvertistment
advertistmentadvertistment