ආගමික සංහිඳියාව සහතික කරමින් කතෝලික පල්ලියේ තෛපොංගල් උත්සවයක්

56

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් වත්තල දිසාවට අයත් හැඳල වැල්ල පල්ලිය ශුද්ධවූ කාර්මේල් දේවමාතා වහන්සේගේ දේවස්ථානයේදී අලුත් සහල්වලින් පොංගල් බත් පිසීම සහ සැදැහැවතුන්ට බෙදාදීම ආගමික සංහිඳියාව සහතික කළ සුවිශේෂ සිද්ධියක් විය.

එහිදී ක්ලැරිෂියානු නිකායික ක්‍රිෂ්ටි ජෝන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ දේව මෙහෙයට පෙර පොංගල් බත් පිසීම සිදු කෙරුණු අතර එම දේවමෙහෙයෙන් පසු සියලු සැදැහැවතුන්ට ආහාරය සඳහා පොංගල් බත් බෙදාදීම විශේෂත්වයකි.

වැල්ලපල්ලිය මීසම් සේවක, නුවන් තාරක සහ මීසම් සහායක රොබින් ප්‍රනාන්දු යන සැලේසියානු නිකායික පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් පැවැති මෙය එම දේවස්ථාන දමිළ ජන වන්දනා කමිටුවේ මෙහෙයවීමෙන් සැදැහැවතුන් විසින් සංවිධානය කර තිබිණි.

පොංගල් බත් පිසීම සඳහා අලුත් සහල්, පියවරුන් විසින් එක්කරන අයුරු සේයාරුවින් දැක්වෙයි.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

ආගමික සංහිඳියාව සහතික කරමින් කතෝලික පල්ලියේ තෛපොංගල් උත්සවයක්
advertistmentadvertistment
advertistmentadvertistment