මහලේකම්තුමිය හදිසියේ ලිපියක් යවලා

1207

ලබන මස (ජූලි 01දා) උදේ 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (27) ලිපියකින් දැනුවත් කොට තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත.

අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා උදේ 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) නිකුත්කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment