පෞද්ගලික අභිලාෂ එපා – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

124

තම පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම පිණිස නිදහස් සෞඛ්‍ය සේවය පාවා නොදෙන්නැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

සෞඛ්‍ය සේවයේ අඩුපාඩු රැසක් තිබෙන බව තමන් පිළිගන්නා නමුත් විවිධ බොරු චෝදනා එල්ල කොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ මානසිකත්වය කඩා නොවට්ටන ලෙසද හෙතෙම විපක්ෂ නායකවරයා විසින් ඊයේ කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේය.

පසුගිය කාළයේ ඕනෑ තරම් ඖෂධ විෂ වීම් නිසා මරණ සිදු වූ බවත් රජයේ රෝහල් වලට ඇතුළුවන පිරිස්වලින් යම් කොටසක් මරණයට පත් වන බවත් රෝහල් ඉදිරිපිට මල් ශාලා ඇත්තේද එලෙස මරණ සිදු වන නිසා බවද බව ඇමැතිවරයා කීය.

රජයේ රෝහල්වලින් ලබා දෙනු ලබන ඖෂධ වලින් අසාත්මිකතාවයන් සිදු වීම් සම්බන්ධයෙන් විමර්ෂනය කිරීම සඳහා විශේෂඥ සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමැති පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment