අඩු බරට පාන් වික්කොත් ‘1977’ ට කියන්න

120

අඩු බරට පාන් අලෙවි කරන ස්ථාන අද (05 දා) සිට වැටලීම් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය වීරසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (04 දා) පැවසීය. පැමිණිලි ‘1977’ට යොමු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

පාන් අලෙවි කරන සෑම ස්ථානයකම 2024 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගත් තරාදියක් තිබිය යුතු බවත්, පාරිභෝගිකයන්ට තමා මිලදී ගන්නා පාන් ගෙඩියේ නියමිත බර ග්‍රෑම් 450 ක් තිබේද යන්න විමසීම් කිරිමේ හැකියාව තිබිය යුතු බවත් ඒ මහතා කීය. බේකරි හිමියන්ගේ සංගමය විසින් වැටලීම් කිරීමේදී කඩිනම්ව එය සිදු නොකරන ලෙස ඉල්ලීම් කළත් පාන් වැනිදේ දෛනිකව නිෂ්පාදනය කරන නිසා එය නිවැරැදි කර ගැනීම සඳහා කාලයක් අවශ්‍ය නොවන බව පාරිභෝගික අධිකාරියේ මතය බව ද ඒ මහතා කීය.

බොහෝ විට පාන් ගෙඩියක බර ග්‍රෑම් 350 ක් ලෙස පවත්වාගෙන ගොස් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල වන රුලියල් 150 ක් අයකරන බවට අධිකාරියට පැමිණිලි ලැබී තිබෙන බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment