ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 350කට වියළි ආහාර

71

ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේ දී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 350ක් සඳහා වියළි ආහාර මලු බෙදා දීම සිදු කෙරිණ.

වයෝවෘද්ධ පුද්ගලයන් සහ අටමස්ථානයේ තේවා සහ ආවතේව සිදු කරනු ලබන කපු මහත්වරුන්, ගැබිනි මවුවරුන් ඇතුළු පිරිසක් මෙහි දී රුපියල් 10,000ක පමණ මුදලක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීම රුවන්වැලි චෛත්‍ය රාමාධිපති, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සිදු කළහ.

මෙම උතුම් පිංකම සඳහා මූල්‍ය දායකත්වය වෝග් ජුවලර්ස් පුද්ගලික ආයතනය මගින් සිදු කෙරිණ.
සටහන හා ඡායාරූප – ප්‍රභාත් වනසිංහ – නාච්චාදූව

advertistmentadvertistment
advertistmentadvertistment