තඹලගමුවේ මල් කැකුළ දුම්රියට දිවි දුන්නේ බඩගින්න නිසාද? – ඔවුන් හරි අමාරුවෙන් ජීවත්වුණේ…

1033

දරුවා කෑම ඉල්ලාගෙන නිතරම අපේ ගෙදර එනවා – ලොකු අම්මා කියයි

හබරණ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබූ සාමාන්‍ය බඩු දුම්‍රියකට තඹලගමුව සෆායා මුස්ලිම් විද්‍යාලය අසල දී පෙරේදා (11දා) පස්වරුවේ පාසල් සිසුවෙකු ගැටී සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇතැයි තඹලගමුව පොලිසිය කියයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹලගමුව යුනිට් 7 ප්‍රදේශයේ වයස අවුරුදු 14 හැවිරිදි දරු තිදෙනෙකු ඉන්නා පවුලේ දෙවෙනි පිරිමි දරුවාය.

මෙම දරුවාගේ පියා (පාකිරාසන් නලින් 41) පවසන්නේ ඔහු මානසික රෝගයකින් හෝ වෙනත් කලකිරීමකින් හෝ දඬුවමකට ලක්ව නොසිටි බවයි. සියදිවි හානි කර ගැනීමට හේතුවක් නොමැති බව ඔවුන් පැවසුවත් දරුවාගේ ලොකුඅම්මා හදිසි මරණ පරීක්ෂණයේදී කියා ඇත්තේ මෙම පවුල දැඩි ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳිමින් සිටි බවත් නිතර දරුවා කෑම ඉල්ලාගෙන එහි පැමිණෙන බවත්ය. මවත් පියාත් කුලී වැඩ කරමින් ලැබෙන සොච්චමෙන් ජීවත්වන බවද පැවසේ.

මෙහිදී දුම්‍රිය රියදුරු පොලිසියට පවසා ඇත්තේ මෙම දරුවා ඈතදීම තමා දුටුවේ දුම් රියට පිටුපා රේල් පීලි අතරින් ගමන් කරමින් සිටි බවයි. කිහිපවිටක්ම නලාව නාද කළත් එයට ප්‍රතිචාර නොදක්වා දුම්‍රිය ලංවන විට පිටුපා සිටි අයුරින්ම රේල්පාර මැදට පැමිණ නිසොල්මනේ සිටගෙන සිටි බවත් ඉවතට නොගිය බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඊයේ (12දා) පැවැත්වීමට නියමිතව තිබූ අතර කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ නියෝග මත තඹලගමුව සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කන්තලේ ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment