මෘදුකාංග ඉංජිනේරුවාගේ මළ සිරුර කප්පරතොට වෙරළෙන් හමුවෙයි

1510

වැලිගම කප්පරතොට මුහුදු වෙරළේ ගල්පර මත තිබී මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ මළ සිරුර ඊයේ (4 දා) සොයාගත් බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ගල්පර මත මළ සිරුරක් තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව ගොස් පරීක්‍ෂා කිරීමේදී මියගොස් සිටි පුද්ගලයා වැලිගම වල්ලිවල පදිංචිව සිට මේ වනවිට කහතුඩුව කිරිවත්තුඩුවේ පදිංචි දොන් සීමන් කංකානම්ගේ පසන් සමීර සිරිනන්ද නමැති 43 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයාගේ බවට හඳුනාගෙන ඇති අතර ඔහුගේ මෝටර් රථය ද ඒ අසල තිබී ඇත.

පොලිසිය පැවසුවේ මළ සිරුරේ තුවාල කිසිවක් දක්නට නොමැති බවයි. මාතර මහෙස්ත්‍රාත්වරයා පැමිණ මූලික පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර මාතර රෝහල වෙත ගෙනයෑමට නියමිතව තිබිණි.

වැලිගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අහංගම-සුගතපාල දීයගහගේ, වංචාවල-ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment