පොලිස්පතිගේ සේවා දිගුව අනුමතයි

148


පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කර තිබේ.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා සිකුරාදා ඔහුගේ නිල නිවෙසේදීය.
පොලිස්පති වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තීරණය කළ අතර ඒ අනුව ඔහු එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා යොමු කෙරිණ.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නිල කාලය පසුගිය මාර්තු 26වැනිදායින් අවසන් විය. මේ අතර පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගේ නම් යෝජනාවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment