එක්ස්ප්‍රස් පර්ල් අල්ලස : ඇමැති විජයදාසගෙන් සී අයි ඩීය ප්‍රකාශයක් ගැනීමට යයි

94

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීමට අදාළ නඩුව යට ගැසීම සඳහා ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාදුන් බවට සිදු කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉදිරි දින කීපය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ ද පාර්ලිමේන්තු

රැස්වීම් නිසා එය නොහැකි වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

එංගලන්තයේ බැංකු ගිණුමකට ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාදී තිබූ බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

මෙම හෙළිදරව්වෙන් පසු අධිකරණ ඇමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂකවරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක් ද කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වන්නේ ඉන් පසුවය. දිවයින කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ අද (16 දා) හෝ හෙට (17 වැනිදා) දිනයන්වලින් එකකදී විජයදාස රාජපක්ෂ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment