කන්ටේනර් දහසක් වරායේ හිරවෙලා

195

මේ වනවිට කොළඹ වරායේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසක් පමණ සිර වී තිබුණත් දින දහයක සිට එක ඩොලරයක්වත් මුදාහැරීමට පියවර නොගැනීමෙන් ඉදිරි සති කිහිපයේ පාරිභෝගික ද්‍රව්‍ය හිඟයක් මතුවිය හැකි යැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

මේ වනවිට එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යෑම නිසා අල, ලූනු, පරිප්පු ඇතුළු වියළි ආහාර සඳහා විශාල ඉල්ලූමක් පවතී.

මේ නිසා වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය

පාරිභෝගික ද්‍රව්‍ය ඉක්මනින් ම නිදහස්කර ගැනීම අතිශය වැදගත් බව එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිදහස්කර ගැනීමට පමාවීමෙන් අලූතින් භාණ්ඩ ආනයනයට ඇනවුම් කරගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ද ඒ මහතා කීය.

මේ වනවිට වියළි ආහාර සඳහා වෙළෙඳපොළ ඉල්ලූම ඉහළ යෑම සහ වරායෙන් බහාලූම් නිදහස් කර ගැනීම පමාවීම නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල හිඟයක් මතුවිය හැකි බව සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment