වෙළෙඳ කලාප සේවකයෝ ඊපීඑෆ් රැකගන්න බියගමදී උද්ඝෝෂණයක

74

“සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කරනු” යන මැයෙන් වෙළෙඳ කලාපවල සේවක සේවිකාවෝ පෙරේදා (06 වැනිදා) පස්වරුවේ කඩුවෙල – බැලුම්මහර නව නුවර මාර්ගයේ බියගම , සියඹලාපේ හන්දියේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී.

වෙළෙඳ කලාප සහයෝගිතා සංවිධානය මගින් සංවිධානය කරන ලද මේ උද්ඝෝෂණයට නිමි භාණ්ඩ, ඇඟලුම් හා රෙදිපිළි සේවක සංගමය, ඩාබිඳු සාමූහිකය, ශ්‍රමාභිමානි කේන්ද්‍රය, වාණිජ හා කාර්මික සේවක සංගමය සහ රෙඩ් සංවිධානය යන සංවිධානවලද සහාය ලැබිණි.

මේ උද්ඝෝෂණයට බියගම, කටුනායක හා වතුපිටිවල යන නිදහස් වෙළෙඳ කලාපවල හා කලුතර ප්‍රදේශයේ පුද්ගලික ආයතනවල සේවක සේවිකාවෝ 200 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මේ උද්ඝෝෂණය මෙදින පස්වරු 4.30 ට පමණ ආරම්භ වී පැයකට අධික කාලයක් පැවතුණි.

මෙහිදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් හා විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment