ඉගෙනගත් පාසලේ ටීවී තුන සොරාගත් සොහොයුරෝ දැලේ

253

කඩුවෙල” බෝමිරිය ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලකට රාත‍්‍රි කාලයේ ඇතුලූ වී එහි ප‍්‍රාථමික පන්තිවල සවිකර තිබූ රූපවාහිනී යන්ත‍්‍ර තුනක් සොරා ගත් සොහොයුරන් දෙදෙනකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා එම විද්‍යාලයේම ආදි සිසුන් දෙදෙනෙකි. මීට අමතරව විදුහලේ පුටු හා මේස කිහිපයක් ද සොරාගෙන ඇති මොවුන් ඒවා පරණ යකඩ කඩවලට විකුණා ඇත. පාසැලේ පිටුපස තාප්පයකින් ඇතුලූ වී රූපවාහිනී සොරාගෙන ත‍්‍රිරෝද රථයකින් මොවුන් පලා ගිය බවට ලැබුනු තොරතුරු මත කල දීර්ඝ විමර්ශනය කින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

මොවුන් සොරා ගත් රූපවාහිනි යන්ත‍්‍ර එකක් රුපියල් හත් දහස බැගින් නිවෙස් තුනකට විකුණා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

නවගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො ප. අලහකෝන්” සැරයන් (27588) බන්දුල” සැරයන් (33409) අලහකෝන්” සැරයන් (35527) අනිල්” පො.කො. (93827)බංඩාර” පො. කො. (31559) මධුරංග යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment