‘උරුමය’ අද දඹුල්ලෙන් ඇරැඹෙයි

235

රටේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන ‘උරුමය’ ජාතික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05 දා) දඹුල්ලෙන් ආරම්භ කෙරේ.

ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉඩම් ඔප්පු දොළොස් දහසක් අද ප්‍රදානය කිරීමට නියමිත අතර ලබන 15 වැනිදායින් පසුව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇති බව ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment