දෙදෙනෙකුත් මරාගෙන බඹර පැටික්කී කුඩේ කුඩු – 7කට බරපතළයි

737

අඹන්පොල මහා විද්‍යලය අසලදී කන්ටේනරයක හැපිලා

කූරගල පූජා භූමියේ සිට බැතිමතුන් පිරිසක් රැගෙන තලාව ගම්පියසට ”‍බඹර පැටික්කී”‍ පෞද්ගලික බස්රථයක පැමිණමින් සිටියදී අඹන්පොල නගර ආසන්නයේ අඹන්පොල මහා විද්‍යලය අසලදී කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බවත් 7 දෙනකු බරපතළ තුවාල ලබා ගල්ගමුව මුලික රෝහලට ඇතුළත් කළ බවත් අඹන්පොල පොලීසියේ රථවාහන අංශය පවසයි. මෙම රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ යුද හමුදාවේ සේවය අතහැර ගිය අයෙකු (33) සහ තලාව පදිංචි අයෙකි (52).

දෙදෙනෙකුත් මරාගෙන බඹර පැටික්කී කුඩේ කුඩු - 7කට බරපතළයි
දෙදෙනෙකුත් මරාගෙන බඹර පැටික්කී කුඩේ කුඩු - 7කට බරපතළයි

කන්ටේනර් රථය අනුරාධපුර දෙසට ධාවනය වී තිබූ බවද කන්ටේනර් රථය අඹන්පොල මහා විද්‍යලය අසල නවත්වනවාත් සමගම පිටුපසින් පැමිණි බඹර පැටික්කී පෞද්ගලික බස්රථය ගැටී ඇතිබවත් බස්රථයේ රියදුරුට අනතුරක් සිදුවී නැති බව රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අඹන්පොල රථවාහන පොලීසිය පැවසීය.

මහව කොට්ඨාස භාර ස.පොලිස් අධිකාරි බණ්ඩාර මහතාගේ සහ අඹන්පොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයකොඩි ඇතුළු රථවාහන අංශයේ පොලිස් නිලධාරින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල යාපහුව විජේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment