ලීසිං සහන ඉල්ලා මහ බැංකුවට කඩා වැදුණු 9ක් අත්අඩංගුවට

196

ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයට කඩාවැදී විරෝධතාවක් පැවැත්වීම නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

මහ බැංකු මූලස්ථානයට කඩා වැදී විරෝධතා පවත්වමින් කලහකාරීව හැසිරුණු බව කියන කාන්තාවක ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු කොම්පක්‍ද්ක්‍දවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අයුතු අවහිරය සහ අයුතු ඇතුළුවීම, රාජකාරියට බාධාකිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ලීසිං වාරික ගෙවීමේදී සහන සලසන ලෙස ඉල්ලමින් මෙම පිරිස ඊයේ පෙරවරුවේ මහ බැංකු මූලස්ථානය අසලට පැමිණ තිබුණේ බස් රථයකිනි.

මහ බැංකුවේ ආරක්‍ෂක ගේට්ටුවලින් බලහත්කාරයෙන් ඇතුළුවූ මෙම පිරිස බැංකු මූලස්ථානය ඉදිරිපිට බිම වාඩිවී විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධය පළ කළහ.

මෙම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමගම උණුසුම් තත්ත්වයක් උද්ගත වූ අතර විරෝධතාකරුවෝ පොලිසිය සමග උණුසුම් වාදයක පැටළී සිටියහ.

මහ බැංකු මූලස්ථානයෙන් පිටවන ලෙස පොලිසිය ඔවුන්ට නියෝග කළද එය ප්‍රතික්‍ෂේප කළ පිරිස බලහත්කාරයෙන් එහි රැදි සිටියහ.

පසුව පොලිසිය විසින් විරෝධතාකරුවන් ගෙන් නව දෙනෙක් අත්අඩංගුවට ගෙන බස් රථයක නංවා ගෙන කොම්පක්‍ද්ක්‍දවීදිය පොලිසිය වෙත රැගෙන යනු ලැබූහ.

මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායිකයින්ගේ සංගමයේ සාමාජිකයන් පැවසුවේ මේවනවිට ලීසිං ගෙවා ගැනීමට නොහැකි වු පුද්ගලයන් 7000 කගේ වාහන ලීසිං සමාගම් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි.

වසර දෙකක් තිස්සේ කියා සිටියද මහ බැංකුව මේ ගැටලුවට මැදිහත්වී ලීසිං වාරික ගෙවීමේදී සහනයක් ලබාදීමට මේ වනතුරු කටයුතු කර නැති බවද ඔවුහු කියා සිටියහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment