මීළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්?

555

මීළඟ පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

පසුගිය කාලයේ පාතාල මර්දන මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීම් තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණයෙන් සාර්ථකව සිදු කෙරිණි. පසුගිය කාලසීමාවේදී නමගිය පාතාල සාමාජිකයන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේය. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ලබන 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment