මහ බැංකුවේ අය කියා විශේෂයක් තියෙන්න බෑ – රවි කරුණානායක

80

“මහ බැංකුවේ විතරක් නෙවෙයි විශේෂඥ දැනුම ඇති අය ඉන්නේ. තවත් ආයතනවල එවැනි අය ඉන්නවා. ඔවුන්ටත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. නමුත් මේක වැටුප් වැඩි කිරීමකට වෙලාව නොවෙයි නම් මහ බැංකුවට කියලා විශේෂයක් තිබිය නොහැකියි. ඔන්න එතකොට පෙනෙනවා කවුද කුහක ලෙස වැඩකර තිබෙන්නේ කියලා” යැයි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රවි කරුණානායක මහතා ඒ අදහස් පළ කළේය. ඔහු මෙසේද කීවේය.

“හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නින්දෙන් නැඟිටලා වගේ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ කරනවා. ඔහු දැන්ද මහ මොළකරු සොයාගෙන තියෙන්නේ? පාස්කු ප්‍රහාරය කියන්නේ අතිශය ම්ලේච්ඡ වගේම අමානුෂික ප්‍රහාරයක්. ඇයි ඔහු බලයේ සිටින විට මේ මහ මොළකරු සොයන්න උනන්දු නොවුණේ. ජනාධිපති ධුරයෙන් ගියාට පස්සෙද මහ මොළකරු සොයාගත්තෙ? මේ වගේ හිතුමතේ ප්‍රකාශ නිකුත්කිරීම කොච්චර අමානුෂිකද? මගේ නම් අදහස මේ වගේ කාරණා සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අවුරුදු පහකට වඩා පරණ සිදුවීමක් ගැන දැන් එකපාරට විවිධ කතා කියන්න අරගෙන. බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ඡන්දවලට ආමන්ත්‍රණය කරන මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න ඕනෑ.”

advertistmentadvertistment
advertistmentadvertistment