පැතුම්ට කොවිඩ්

141

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන පැතුම් නිස්සංකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. ඒ අනුව ඔස්ටේ්‍රලියාව සමගින් ක්‍රියාත්මක වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11 වැනිදා) කැඳවා තිබිණි.

 තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (10 වැනිදා) සවස සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකින් අනතුරුව පැතුම් නිස්සංකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. ඒ අනුව පැතුම් නිස්සංක මේ වන විට කණ්ඩායමෙන් හුදෙකලා කර තිබේ.

 මීට පෙර දෙරට අතර ක්‍රියාත්මක වූ පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්ද ආදේශක ක්‍රීඩකයකු ලෙසින් ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කඳවන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment